Cyber Hiru 9:15 AM 0 comments ලක්බිම විහිළු කථා ලොක විනාසේ නොවුනොත් කොච්චර හොදද? Home » ලක්බිම » විහිළු කථා » ලොක විනාසේ නොවුනොත් කොච්චර හොදද? පහුගිය දවසක ගලගෙදර ජනක දොස්තර මහත්තයට රෝහලේ දී ප්‍රවීණ ජ්‍යොතිෂ්‍ය ලේඛකයෙක් මුණගැහුණා. ඒ ලේඛකයා කලිින් මේ අවුරුද්දේ ඒ ලෝක විනාශයක් සිද්ද වෙන බවට අනුමාන කරලා පුවත්පත් කීපයකටම ලිපි ලියපු කෙනෙක්. නමුත් පහුගිය සතියේ උන්නැහේ පත්තරේකට ලියපු ලිපියකින් මේ අවුරුද්දේ තියා තව කල්ප කාලාන්තරයකට ලෝක විනාශයක් සිද්ධ නොවෙන බවක් අවධාරණය කරලා තිබුණා. “මම මේ සැරේ ඔබතුමාගේ අර ජ්‍යොතිෂ්‍ය ලිපියත් කියෙව්වා; කොහොම හරි දැන් ඔබතුමාගේ ස්ථාවරයත් ලෝක විනාශයක් අත ළඟ නෑ කියන එක නේද? අපේ දොස්තර මහත්තයා ජ්‍යොතීර්වේදියාගෙන් ඇහුවා. එහෙම නැතුව වෙන කරන්න දෙයක් නෑ. දොස්තර මහත්තයෝ. ඒ ජ්‍යොතීර්වේදියාත් කිව්වා දැන් අපි මෙහෙම බලමු. මං පත්තරේට ලියනවා කියලා. අහවල් දවසේ ස්ථිරවම ලෝක විනාසේ වෙන්නේ නැහැ කියලා; නමුත් බැරි වෙලාවත් ලෝක විනාසේ වුණොත් නම් ප්‍රශ්නයක් නැහැ. “ඒ ජ්‍යොතීර්වේදියා කිව්වා. “ඉතින්? ජනක දොස්තර මහත්තයා තවත් උනන්දුවෙන් ඇහුවා. කොහොම හරි මම ලියනවා මේ අවුරුද්දේ ලෝක විනාසේ වෙනවා කියලා ( ඒත් එහෙම ලෝක විනාසේ නොවුණොත්? ඒ ජ්‍යොතීර්වේදියා ඇහුවා. “එහෙම වුණොත් කොච්චර හොඳද? ලෝකෙ විනාශ වෙන්නේ නැහැනේ. ජනක මහත්තයත් හිනාවෙලා කිව්වා. “ලෝකෙ විනාසේ නොවුණට” අර ජ්‍යොතීර්වේදියා තවත් මූණ අඳුරු කර ගත්තා. “එහෙම වුණොත් ඉතින් මං විනාසයිනේ.”මහත්තයෝ මුලාශ්‍රය : ලක්බිම Share This To : Facebook Twitter Google+ StumbleUpon Digg Delicious LinkedIn Reddit Technorati
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.