“මෙන්න මේ තියෙන්නේ මගේ හොඳම යාළුවෙක් ලියපු නව කතාවක්. මේකට මේ සැරේ සාහිත්‍ය සම්මානයකුත් තියෙනවා. මට ඕනේ මේ නවකතාව ගැන නිදහස් ආරකින් ලියැවුණු විචාරයක්” දවසක් ඒ වගේ තරුණ ශිෂ්‍යයකුට පත්තරේක කර්තෘතුමෙක් කිව්වා.
“හොඳයි සර්” ඒ ශිෂ්‍යයන් විචාරය ලියන්න ඒ පොත අරගෙන ගියා.
“මොකක්ද අයිසේ මේක විචාරයක්ද? නැත්නම් තුනේ පන්තියේ වාක්‍ය රචනාවක්ද?” බලනවකෝ මේ ලිපියේ වචනවල වුණත් තියෙන ග්‍රාම්‍ය බව. අනික මට පේන විදිහට මේ විචාරයෙන් පොත් ගැන මොන ඇටයක්වත් ලියවිලා නැහැනේ. උඩින් පල්ලෙන් විචාරය කියවපු කර්තෘතුමා එහෙම දෝස් මුරයක් දැම්මා.
“මට ඉදිරි සති දෙක තුනේ නම් මෙහේ එන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම එක තැපෑලෙන් එව්වට කමක් නැද්ද සර්” අර ශිෂ්‍යයාත් කර්තෘ තුමාගෙන් ඇහුවා.
“හරි හරි තැපෑලෙන් බැරිනම් බූරුවකුගේ පිටේ හරි කමක් නෑ එවනවකෝ” උන්නැහෙත් ශිෂ්‍යයාට කිව්වා.
ඊට සතියකට විතර පස්සේ මෙන්න ශිෂ්‍යයා කියපු විදිහටම අර විචාරය තැපෑලෙන් ආවා. කර්තෘතුමන් ඒක කියවන්න පටන් ගත්තා.
“සිය අභිලාෂය මස්තකප්‍රාප්ත කර ගනු වස් වාස්තවික බවින් අනූන විදග්ධ කලාවක් කෙරෙහි අවියෝජනීය සම්බන්ධතාවයක් විෂයෙහි කතුවරයා සතු ප්‍රතිභාව සුභාවිත ලෙස අපයෝජනයට ලක්ව ඇති අයුරක් මින් විශද කෙරේ”
ඒ විචාරයේ ඒ විදිහට ලියැවිලා තියෙනවා දැක්කා විතරයි කර්තෘතුමාට ජුවල් නැග්ගා.
“මොනවද ඕයි තමුසේ අර ලියලා තියෙන බහු බූත. ඒවා මෙලෝ යකෙකුට තේරෙන්නේ නෑනේ.” ඒ වෙලාවේම ඒ ශිෂ්‍යයාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තු කර්තෘතුමා ශිෂ්‍යයාට ඒ විදිහට ගෝරනාඩු කළා. එතකොට ඒ ශිෂ්‍යයාත් බොහාම යටහත් පහත් විදිහට කටහඬ අවදි කළා.
“සර් මට දීපු නවකතාවත් ඔය වගේම තමයි සර්”
මුලාශ්‍රය : ලක්බිම
0 comments:
Post a Comment