මේ වැඩේ කරන්න ගියොත් නම් මාව අපවත්වෙලා තවත් මොනවා හරි වෙයි
දිවුල්ගනේ පන්සලේ සිරි රතන හාමුදුරුවෝ මුණගැහෙන්න ඉඳල හිටලා ගල්ගමුව පැත්තේ තරුණයෙක් එනවා මිනිහා මෑතක දී පිට වුණු තරුණ උපාධිධාරියෙක්. නමුත්, ඒක කළමනාකරණ උපාධියක් නිසා අපේ පැරණි බෞද්ධ සම්ප්‍රදායන් ගැන මිනිහාට වැඩි වැටහීමක් නැහැ. කොහොම නමුත් මේ තරුණයාගේ අත්අකුරු ටිකක් පැහැදිලි නිසා සිරිරතන හාමුදුරුවෝ තමන් වහන්සේගේ ලියුම් කියුම් වැඩවලට ඒ හාදයව සම්බන්ධ කර ගන්නවා.
“ළමයෝ මේක අපේ හෙයියන්තුඩුවේ ලොකු හාමුදුරුවන්ට යවන ලියුමක්; බොහොම සැලකිල්ලෙන් ලියලා දෙන්ට ඕනෑ තේරුණාද?”
දවසක් දිවුල්ගනේ පන්සලේ ලිපි ශීර්ෂයක් ඒ තරුණයාට දීපු සිරිරතන හාමුදුරුවෝ ඒ තරුණයාට කිව්වා.
“අපේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ වෙත ශාසනාලයෙන් ලියමි.” දැන් ඔන්න හාමුදුරුවෝ එහෙම කියන කොට අර තරුණයත් චටපට ගාලා ඒක කටුවට ලියා ගන්නවා.
කොහොම හරි මෙන්න ටික වෙලාවකට පස්සේ අර තරුණයා ඒ ලියුම බොහොම පැහැදිලි අකුරින් අර ලිපි ශීර්ෂයේ පිටපත් කරලා දෝතින්ම සිරිරතන හාමුදුරුවන්ට පිළිගැන්වූවා.
“දෙයියන්ට ඔප්පු වෙච්චාවේ ළමයෝ; මේ කියන වැඩේ කරන්න ගියොත් නම් මාව අපවත්වෙලා; තවත් මොනව හරි සිද්ධ වෙයි මං හිතන්නේ”
ලියුම කියවපු සිරිරතන හාමුදුරුවෝ නළලේ අත ගහ ගත්තා.
“ඒ මොකද හාමුදුරුවනේ” ඒ තරුණයත් පුදුමවෙලා ඇහුවා.
“ඔය ළමයා මේ ලියලා තියෙන්නේ ශාසනාලයෙන් ලියමි කියලා නෙවෙයිනේ”
හාමුදුරුවෝ ඒ ලියුම තරුණයාට දික් කරන ගමන් කිව්වා.
‘එහෙනම් හාමුදුරුවනේ” ඒ තරුණයත් ඇස් දෙක උඩ තියාගෙනම ඇහුවා.
“ශ්වාසනාලයෙන් ලියමි කියලනේ”
උපුටා ගැනිම - ලක්බිම
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.