“එහෙම තමයි සර්, පරණ බඩු කොහොමත් ගාම්භීර තමයි. ඒ වගේම; මේ වගේ කාර් එකක් ගන්න කොට විශේෂ වාසි කීපෙකුත් තියනවා” සේල් එකේ හාදයා කිව්වා.
“ඒ මොනවද වාසි?” එතකොටම අර නෝනත් ඇහුවා.
“එකක් තමයි මැඩම්; මේ වාහනවල අවුරුදුපතා දුම් පරීක්ෂා කරන්න ඕනේ නෑ; අනික තමයි මේවායේ යනකොට සීට් බෙල්ට් දාන්න ඕනෙත් නෑ” සේල් හිමියා හිනාවෙලා කිව්වා.
“ඔහේ එහෙම කිව්වට මේ වාහන පරණ වෙන කොට එන්ජිම සවුත්තු වෙන නිසා සද්දේ එහෙමත් වැඩියි; බොරුද මං කියන්නේ?” එතකොට අර නෝනත් සද්දදාලම එහෙම කිව්වා.
“හැබැයි මැඩම්; පරණ වෙනකොට එහෙම සද්දේ වැඩිවෙන කතාවක් මං නම් උපන්තේකට අහලා නැහැ.” සේල් එකේ හාදයත් උපහාසයෙන් වගේ කිව්වා. එතකොට ඒ මහත්තයා හෙමීට සේල් එකේ හාදයට කිට්ටු වුණා.
“හැබෑට ඔහේගේ කන් ඇහෙනවා නම් දැන්වත් තේරුම් ගන්න බැරිද? පරණ වෙනකොට සද්දේ වැඩිවෙන බව“
උපුටා ගැනිම : ලක්බිම
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.