පසුගිය දවසක අපේ කන්තෝරුවට මිහිරි මහත්තයලගෙ ගමේ; ගාල්ල පැත්තේ දෙන්නෙක් ඇවිත් ආරක්ෂක අංශයෙන් කාවද හොයනවා. “අපේ මුදිසාවි මහත්තයා ඉන්නවද?” ඒ දෙන්නා එහෙම ඇහුවත් ආරක්ෂක අංශයේ ඇත්තන්ට එහෙම කෙනෙක් ගැන මතකයක් නෑ. “මුදිතා කියලා මිස් කෙනෙක්ද?” “මුදියන්සේ කියලා වයසක කෙනෙක්ද?” “දිසානායක කියලා මහත්තයෙක්ද?” ආරක්ෂක නිලධාරීන් ඒ ආපු දෙන්නගෙන් දිගට හරහට හරස් ප්‍රශ්න අහනවා. ඒත් ඒ අය අහන්නේ ‘මුදිසාවි’ කියලා කවුරු හරි ගැනම තමයි. කොහොම හරි ඔය අතරේ අපේ මිහිරි මහත්තයත් එතනින් යන්න ආවා. “ඉතින් කොහොමද සිරිසේන අයියේ මොකද මේ පැත්තේ?” ආරක්ෂක අංශයේ හිටපු මේ දෙන්නව දැක්ක මිහිරි මහත්තයා ඉන් එක්කෙනකුගේ පිටට අත තියලා බොහොම සුහද විදිහට ඇහුවා. එතකොටයි ඒ දෙන්නම අපේ මිත්‍රයාව දැක්කේ. “හත්වලාමයි මේ ඉන්නේ අපේ මුදිසාවි මහත්තයා; ඔහේලට හොයා ගන්න බැරි වුණාට” අර දෙන්නා කිව්වෙ ආරක්ෂක අංශයේ ඇත්තන්ට ඔලොක්කුවට වගේ. “මේ අපේ මිහිරි මහත්තයනෙ. මෙයාට කවුද මුදිසාවි කියන්නේ” ආරක්ෂක නිලධාරියත් හිනාවෙලා ඇහුවා. “දැන් ටික කාලෙක ඉඳලා අපේ ගම් පැත්තේ සමහරු මට කියන්නේ මුදිසාවි කියලා තමයි” මිහිරි මහත්තයත් හිනාවෙලා කිව්වා. “ඇයි ඉතින් සර්ට මේ අය මුදිසාවි කියන්නේ?” ආරක්ෂක නිලධාරියෙක් වඩාත් උනන්දුවෙලා ඇහුවා. එතකොට මිහිරිත් බොහොම නිහතමානී විදිහට හිනාවුණා. “ඇයි දන්නේ නැද්ද දැන් මම මුළු දිවයිනටම සාම විනිසුරු කෙනෙක්නේ”
මුලාශ්‍රය : ලක්බිම
Monday, December 3, 2012
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment