Searching...
Friday, January 18, 2013

අනේ පව් කවුරු හරි අමාරුවේ වැටුණු කෙනෙක්


ගණේමුල්ල පැත්තේ අපේ මිත්‍රයකුගේ අල්ලපු ගෙදරට අලුතින් පවුලක් පදිංචියට ආවා. නමුත් ආපු දවසේ ඉඳලම ඒ ගෙදරින් ටිකක් අමුතු සද්ද බද්ද ඇහෙන්න පටන් ගත්තා. ගෑනු කෙනෙකුයි, පිරිමි කෙනෙකුයි හරි හරියට උස් හඩින් කතා කරන සද්ද, ඒ වගේම පිඟන්, කෝප්ප බිඳෙන සද්ද, ගෙදර ඉන්න පුංචි එවුන් යටිගිරියෙන් බෙරිහන් දෙන සද්ද, මෙන්න මේවා නිතරම වගේ ඇහෙන්න පටන් ගත්තා.

නමුත් වාසනාවකට වගේ අපේ මිත්‍රයාගේ ගෙදරින් නම් එහෙම සාමය කඩවීමේ කිසිම සිද්ධියක් වාර්තා වෙලා නැහැ. ඒකට එකම හේතුව මිනිහාගේ බිරිඳගේ ඉවසිලිවන්තකම කියලයි හැමෝම වගේ කියන්නේ.  කොහොම හරි දවසක් රෑ එකොළහට විතර අපේ මිත්‍රයා ගෙදර එනකොට අල්ලපු ගෙදර අර වගේම සද්ද බද්ද, දෙන්නා දෙමහල්ලෝ නයි මුගටි සටනක් අරඹලා, ගෙදර පුංචි එවුන් යටිගිරියෙන් බෙරිහන් දෙනවා.

“හලෝ මේක බොහොම සාමකාමී පළාතක් හරිද...?” ත්‍රීවීලර් එකෙන් බැහැගත්තු අපේ මිත්‍රයා වැනි වැනී ඒ ගෙදර ගේට්ටුව ළඟට ගිහින් කෑ ගැහුවා.” ඒ හින්දා හොඳ හිතින් ඔය කචල් බචල් නතර කරන්න ඕනේ හරිද...?”
මිනිහා මෙහෙම කියන කොට රණ්ඩු කිරීම පැත්තකින් තියලා මෙන්න අර ජෝඩුවත් එළියට පැන ගත්තා.
“මේක අපේ ප්‍රශ්නයක්, මේක විසඳන්න වෙන කවුරුවත් ඕනේ නැහැ”  ඒ ගෙදර සැමියා කිව්වා.
“මෙයාගේ කතාව සහතික ඇත්ත. අනික අපේ ප්‍රශ්නවලට අතදාන්න ඔහේ කවුද?” ඒ බිරිඳත් කිව්වා.
“හලෝ තමුසෙලා දන්නේ නැති වුණාට මාත් දැන් අවුරුදු තිහක් තිස්සේ පවුල් කන මිනිහෙක්, හරිද...?” ඒ බිරිඳගේ කතාවෙන් ඌරු ජුවල් නැගපු අපේ මිත්‍රයා යටිගිරියෙන් බෙරිහන් දුන්නා. එතකොටම අපේ මිත්‍රයගේ නෝනත් ගෙදර දොර ඇරගෙන එළියට ආවා. එතකොට මේ තුන් දෙනාම ඒ දිහා බැලුවා. 
“ඔව් අනේ, මෙයා මේ වෙනකොට පවුල් බර ගාණක් කාල ඉවරයි.”


උපුටා ගැනිම- ලක්බිම

0 comments:

Post a Comment

 
Back to top!