Searching...
Monday, January 14, 2013

මෙන්න මේකට තමයි කොලුවෝ පෘථිවිය කියන්නේ


“ඇයි සර් ලෝක විනාසේ සිද්ධ නොවුණට මොකද අපි ජීවත් වෙන පෘථිවිය තියෙන්නේ හරිම අවදානම් තත්ත්වයක කියලා සර් හැමතිස්සෙම කියන්නේ” ගණේමුල්‍ලේ රෝයිගෙන් උන්නැහේගේ ඩ්‍රයිවින්  ස්කූල් එකේ ආවතේව කරන ගෝලයා පහුගිය සිකුරාදා ඇහුවා. 
තමන් දන්න හැමෝටම රෝයි මේ කතාව කියන්නේ වාතය, ජලය, පස කියන භූගෝලීය සාධකවලට මිනිසුන්ගෙන් සිද්ධ වෙන හානිය නිසා අනාගතයේ කවදාහරි මිහිතලයට සිදුවිය හැකි විපත් ගැන හිතලයි. 
“ඊට කළින් මට කියපන් උඹ දන්නවද පෘථිවිය කියන්නේ මොකක්ද කියලාවත්?” ගෝලයාගේ ප්‍රශ්නෙට කෙළින් උත්තරයක් නොදීපු රෝයි ඇහුවා. ඒත් ගෝලයගෙන් ඒකට කෙලින් උත්තරයක් නෑ. ඊට පස්සේ අපේ මිත්‍රයා  ලාච්චුවෙන් ගත්තු චිත්‍රයක තියන පෘථිවි ගෝලය ගෝලයාට පෙන්නුවා.
“මෙන්න මේකට තමයි කොලුවෝ පෘථිවිය කියන්නේ; දැන් කියන්නද? මම මේක අවදානම් සහිතයි කියන්න හේතු?”
රෝයි මිත්‍රයා එහෙම කියන කොට ගෝලයා ඒකට එක පාරටම හරස් කැපුවා. “දැන්නම් මං දන්නවා සර්” මිනිහා ගත් කටටම කියපි.
“හොඳයි දන්නවා නම් කියපන් බලන්න” රෝයිත් පුදුම වෙලා කිව්වා. එතකොටම ගෝලයත් අර සෞරග්‍රහ මණ්ඩලයේ පෘථිවියට ඇඟිල්ල තිබ්බා.
“ඉතින් සර් මේක නිකම්ම තියෙනවා මිසක් මොකක් හරි උඩ තියලාවත් මොකක හරි එල්ලලාවත් නෑනේ”

උපුටාගැනිම - ලක්බිම

1 comments:

  1. මටත් ඔය වගේ පස්න තිබුනා..ඇයි පෘතුවිය යට හරියෙ ඉන්න මිනිස්සු බිමට වැටෙන්නෙ නැත්තෙ කියන කාරනවා...

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Back to top!